වියළි මිරිස් මිල අහස උසට: පාරිභෝගිකයෝ කබලෙන් ළිපට

1300

දඹුල්ල හා ගලේවෙල යන නගරවල පිහිටි ඇතැම් වෙළඳ සල්වල වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,000 සිට 1,200 දක්වා මිල ගණන් වලට අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති. පසුගිය මාසවල රුපියල් 700,750 කට තිබූ මිරිස් කිලෝව මෙසේ ඉහළ යාම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වී සිටින බව ඔවුහු පවසති.

පවතින අධික ජීවන වියදමත් සමග අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වන වියළි මිරිස් ඉහළ යාම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් ලෙස ඔවුහු හඳුන්වති. වියළි මිරිස්වලට පාලන මිලක් නැතිවීම වෙළෙන්ඳන්ට වාසියක් වී ඇත. දේශීය වියළි මිරිස් මෙරට පාරිභෝජනයට ප‍්‍රමාණවත් නොවීම නිසා ආනයනය කිරීමට සිදුව ඇත. ඇතැම් වෙළෙන්ඳන් පවසන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායේ සිරවී තිබීම නිසා මෙසේ වියළි මිරිස් මිල සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. ඒ නිසා වහාම එම වියළි මිරිස් වරායෙන් මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

ගලේවෙල විශේෂ – පී.ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment