විරසකවීම් රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගන්න – ස්වාධීන පක්ෂ එකමුතුව

89

චීනයේ යුආන් වැංග් නැවේ සංචාරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හමුවේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතාවලට හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ස්වාධීන පක්ෂ එකමුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාව බැවින් ඉන්දියාව සමග මෙන්ම චීනය සමග ද රාජ්‍ය තාන්ත්‍රික විරසක වීම් අප රටට ඔරොත්තු නොදෙන බව ද එම එකමුතුව සඳහන් කරයි.

එහි මෙසේ ද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා වරායන් වෙත මෙන්ම, ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා ද, අන් රටවලට අයත් යුද නෞකා මෙරටට පැමිණෙයි. මෙසේ මෙරටට වැඩි වශයෙන් පැමිණෙන්නේ එක්සත් ජනපදයට අයත් යුද නෞකාවන්ය. ප්‍රංශයට, ඉන්දියාවට හා වෙනත් රටවලට අයත් නෞකා ද විටින්විට පැමිණ ඇත. මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින අප පක්ෂ එකමුතුව, අන් රටවල් සමග පවත්නා සබඳතා ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින අතර අවසර ලබාදී ඇති පරිදි එම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment