විරහ වේදනාවට ලක්වූ දැරිය සිය දිවි නසාගෙන

284

ප්‍රේම සම්බන්ධයක් මුල් කර ගනිමින් පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන ඇති බව මැදවච්චිය පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සංගිලිකනදරාව පදිංචි තිළිණි නවෝද්‍යා නැමැති 16 හැවිරිදි සිසුවියකි. මිය ගිය සිසුවිය සමග කෙටි කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ වෙනත් පාසලක සිසුවකු එම සම්බන්ධතාවය නවතා දැමීමට කටයුතු කර ඇති බවත්, එම විරහ වේදනාව දරා ගැනීමට නොහැකි වූ සිසුවිය යම් පෙති වර්ගයක් පානය කර මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව මූලික පොලිස් විමර්ෂණ වලින් අණාවරණය වී තිබේ.

මෙම සිසුවියගේ මව මීට වසර කිහිපයකට පෙර සිට විදෙස් ගත වී සිට ඇති අතර සිසුවිය පියාගේ රැකවරණය හමුවේ පෝෂණය වී අධ්‍යාපනය හදාරා ඇත. ඇය පවුලේ බාල දියණිය වන අතර ඇයට පිරිමි සහෝදරයෙක් ඇත. දැරිය වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙණ අයුරු දැක ඇති පියා උදෑසන ඒ පිළිබඳ විමසිලිමත්ව සොයා බලා ඇත. ඒ වන විටත් මෙම සිසුවිය මෙම පෙති වර්ගය පානය කර සිට ඇත. අනතුරුව දැඩි ලෙස අසනීප තත්ත්වයට පත් වූ සිසුවි් කඩිනමින් මැදවච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට එම පියා කටයුතු කිරීමෙන් එහිදී මූලික ප්‍රතිකාර කර සිසුවිය වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කර ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවිය මිය ගොස් ඇත. එම සිද්ධිය පිළිබඳ මැදවච්චිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment