විරෝධතාකරුවන්ගෙන් රජයට කොන්දේසි 5 ක්

1128

කොළඹ ගෝල්ෆේස් පිටියේ සිට ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණයේ නිරතව සිටින ‘නිර්පාක්‍ෂික තරුණ පිරිස’ සිය විරෝධතාව අත්හැරීම සඳහා ආණ්ඩුවට ඉල්ලීම් 05ක් ඉදිරිපත් කර ඇත.

එම ඉල්ලීම් වනුයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම, රාජපක්‍ෂ පුවලේ කිසිවකුට පාර්ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කර මාස 06ක් සඳහා අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම අර්බුදයට ලක්වී ඇති විශේෂ ක්‍ෂේත්‍රයන් වන සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු ක්‍ෂේත්‍ර යථා තත්ත්වයට පත්කිරීම, රාජපක්‍ෂ පවුලේ දූෂිත සාමාජිකයන්, දූෂිත දේශපාලනඥයන් සහ දූෂණ සහ අක්‍රමිකතා හා සම්බන්ධ නිලධාරීන් ඇතුළු සියලුදෙනා විසින් සොරාකන ලද සියලු මුදල්, දේපොළ ආදිය නැවත ලබාගැනීම සඳහා වූ ක්‍රමවේදයක් සැකසීමටත්, ක්‍රියාවේ යෙදවීමටත්, ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අන්තර් කාලීන ආණ්ඩුව ක්‍රියා කිරීම සහ මාස 06ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් සහ ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමත් යන ඉල්ලීම් 05 ක්‍රියාත්මකය.

මේ කරුණු පහ ඉටුකරනතුරු අරගලය අත්හැරීමට සූදානම් නැතැයි ද ඔවුහු සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment