විරෝධතාකරුවන් කොළඹ මාර්ග කීපයකට ඇතුළු වීම වළක්වන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවතට

51

දේශපාලන පක්‍ෂ ඇතුළු සංවිධාන කීපයක් අද (9වැනිදා) පැවැත්වීමට සැලසුම් කර ඇති රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට එක්වන පිරිස කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි මාර්ග කීපයකට ඇතුළුවීම වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ඊයේ ප්‍රතික්‍ෂේප කරන ලදී.

මේ අතර කොල්ලුපිටිය පොලිසිය හා මාලිගාවත්ත පොලිසිය විසින් ද එකී විරෝධතාකරුවන්ට කොළඹ නගරයට ඇතුළුවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරුන් වන බණ්ඩාර ඉලංගසිංහ මහතා සහ පී. එන්. එල්. මහවත්ත මහත්මිය විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.

සාමකාමීව උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගිවීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පොලිසිය අධිකරණය මැදිහත් කරගැනීමට දරන වෑයමට ඉඩ ලබානොදෙන ලෙසට පෙළපාළිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය පොලිසිය කළ එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment