විරෝධතාකරුවෝ  වරකාපොල සභාපතිගේ  නිවසට පහර දෙති – බිරිඳට හා දරු දෙදෙනාටත් තුවාල

1663

පරීක්‍ෂණයක්  ඇරැඹෙයි

රටේ පවතින විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දැක්වීම සඳහා 6 වැනිදා වරකාපොළ නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුරදී වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ආසන්නයේ රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් සභාපතිවරයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම විරෝධතාකරුවන් කොළඹ – නුවර ප්‍රධාන  මාර්ගයේ ගමන් කර වරකාපොළ, දුම්මලදෙණියේ පිහිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ආසන්නයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන අතරතුර සභාපතිවරයාගේ පවුලේ උදවිය හා විරෝධතාකරුවන් අතර වචන හුවමාරුවක් ඇති වී තිබේ. එය දුරදිග ගොස් එය ගුටිබැට හුවමාරුවක් දක්වා පරිවර්තනය විය.

එහිදී සභාපතිවරයාගේ බිරිඳ, වයස අවුරුදු 18-20 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ සභාපතිවරයා නිවසින් බැහැරව සිටි බව සභාපතිවරයා වරකාපොළ පොලිසියට පවසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් දෙදෙනකු වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇත. වරකාපොළ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment