විරෝධතාවට හේතු නොසොයා පාලකයන් බලය බදාගෙන – ආදිවාසී නායකයා කියයි

173

මිනිසුන් පාරට බැස විරෝධය දැක්වීමේ හේතුවට පිළියම් යොදනවා වෙනුවට තවමත් පාලකයන් බලය රැකගැනීමේ උත්සහයක නිරතව සිටින බව පෙනීයන්නේ යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසති.

‘දිවයින’ සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. පවතින ගැටලුවලට පිළියම් යෙදීමට පාර්ලිමේන්තුව රැස්වූ ඉකුත් දිනවල දී සිදුවූයේ ද තමන්ගේ නායකයා ආරක්ෂා කර ගැනීමට සහ තම තමන්ගේ බලය රැකගැනීමට කතා දැමීමට පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.

රජයට සහ නීතියට ගරු කළ මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් පාරට බැසීමට හේතු වූයේ ජීවත් වීමේදී ඔවුන්ට උග‍්‍ර ප‍්‍රශ්න පැන නැගුණ නිසා බව පවසන ඔහු කියන්නේ නායකයන් සහ පාලකයන් මේ අවස්ථාවේ කල්පනාවෙන් කටයුතු කළ යුතු වුවත් එසේ කරන බවක් පෙනෙන්නට නැති බවය.

පවතින පාලනය වෙනස් කළ යුතු වුවත් ඊට ප‍්‍රථම මේ මොහොතේ මිනිසුන්ට ජීවත්වීමේදී මුහුණ දී තිබෙන තෙල්, ගෑස්, විදුලිය නොමැතිකම වැනි අද හෙට ඉක්මනින් විසඳාගත යුතු ප‍්‍රශ්නවලට ප‍්‍රමුඛත්වය දී ඒවාට විසඳුම් ලබාදීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම වැදගත් බව ද ආදිවාසී නායකයා පැවසුවේය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment