විරෝධතාවේදී කඳුළු ගෑස් උණ්ඩ සොරාගත් සැකකරු අත්අඩංගුවට

170

පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා පැවති විරෝධතාව අතරතුරදී මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ත්‍රිරෝද රථයකින්  රැගෙන එමින් සිටි කඳුළුගෑස් උණ්ඩ සොරාගෙන තිබූ පුද්ගලයකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවෙසක දී පෙරේදා (26 දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එම සැකකරු සන්තකයේ තිබී කඳුළුගෑස් වායු උණ්ඩ පහක් සොයාගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු 26 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා කඳුළු වායු උණ්ඩ සමඟ වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

කැස්බෑව – ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment