විරෝධතාවේ යෙදුණු ඉන්දීය මල්ලවපොර ශූරයන්ට නඩු

227

ඉන්දීය කාන්තා මල්ලව පොර (රෙස්ලිං) ක්‍රීඩිකාවන්ට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා එල්ල වී ඇති ඉන්දීය මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානියාව අත්අඩංගුවට

ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවයේ යෙදෙන ඔලිම්පික් පදක්කම්ලාභී ඉන්දීය මල්ලව පොර ශූරයන් හා ශුරියන්ට එරෙහිව කැරලි කෝළාහල ඇති කිරීමේ රටේ සාමයට බාධා කිරීමේ චෝදනා ගොණු කිරීමට දිල්ලි පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

ඉකුත් අප්‍රේල් 23 වැනිදා සිට දිල්ලි නගරයේ පිහිටි සංස්කෘතික උරුම භූමියක් වන ‘ජන්තාර් මන්තාර්’ හී උද්ඝෝෂණයේ යෙදී සිටින ඉන්දීය මල්ලවපොර ක්‍රීඩකයන් අතර සිටින ඔලිම්පික් පදක්කම්ලාභී සාක්ෂි මලික් ‘විනිෂ් පොග’ හා බජ්රන්ග් පුනියා පෙරේදා (28දා) සවස විරෝධතා පා ගමනක් යෑමට සැරසෙද්දී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර අනතුරුව එදිනම රාත්‍රියේදී ඔවුන් නිදහස් කෙරිණි. ඉන්දීය මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස දියත් කර ඇති සිය විරෝධතාව දිගටම පවත්වා ගෙන යන බව ඉන්දීය මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසා තිබේ. මෙම විරෝධතාකරුවෝ පෙරේදා අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් විවෘත කෙරුණු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත පා ගමනක් යෑමට දැරූ උත්සාහය පොලිසියේ මැදිහත් වීමෙන් ව්‍යර්ථ විය. විරෝධතාකරුවෝ දිල්ලි නගරයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට අසල කඳවුරු බැඳ සිටිති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment