විරෝධතාව ළඟට ආ හමුදා යතුරුපැදි කණ්ඩායමට පොලිසියෙන් දැඩි විරෝධය

456

පාර්ලිමේන්තු වටරවුම අසල ඊයේ (05 දා) පැවැති විරෝධතාව අතරට යුද හමුදා යතුරුපැදි බළකා සෙබළ පිරිසක් පැමිණීම සම්බන්ධව එම ස්ථානයේ ආරක්ෂාවේ නිරත වූ පොලිස් නිලධාරීන්ගේ දැඩි විරෝධතාවක් මතු විය.

එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත ජනතාව තවත් ප‍්‍රකෝප නොකර වහාම ඉවත්ව යන ලෙස පොලිසිය එම යුද හමුදා යතුරුපැදි කණ්ඩායමට දැනුම් දුන්නේය.

එම යුද හමුදා යතුරුපැදි බළකා කණ්ඩායම පාර්ලිමේන්තු වටරවුම අසල මාර්ගයෙන් ගමන් කිරීමට පැමිණෙද්දී විරෝධතාවය දැක ආපසු හරවාගෙන ගොස් නැවත එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පොලිසිය මෙලෙස ඔවුනට දැඩි ලෙස විරෝධය පළ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment