විරෝධතා එයි: බන්දුල සුදු ලූනු උත්තරය මගින් නවතා සභාගත කරයි

159

සතොස ආයතනයේ සිදුව ඇති සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් ඊට පෙර දින විපක්ෂනායක විසින් 27/2 යටතේ අසන ලද ප‍්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් ලබාදීමට ගිය වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට විපක්ෂයේ දැඩි විරෝධය එල්ල විය.

ඒ හේතුවෙන් එම විරෝධතා මධ්‍යයේ අදාළ සම්පූර්ණ පිළිතුර වාචිකව ඉදිරිපත් කරනවා වෙනුවට එම දීර්ඝ පිළිතුර සභාගත කිරීමට සිදුවිය.

අදාළ වංචාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පරීක්ෂණයක් සිදුවන බැවින් විෂය භාර ඇමැතිවරයා ඒ පිළිබඳ කරුණු කීමෙන් එම පරීක්ෂණයට බාධාවක් සිදුවන බව විපක්ෂ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය. එසේ නම් නඩුවට අදාළ කොටස් ඉවත් කර අදාළ අමාත්‍යාංශ පිළිතුර ඉදිරිපත් කරන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇමැතිවරයාට උපදෙස් දුන්නේය. කෙසේ වෙතත් විපක්ෂයෙන් අසනු ලැබූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇමැතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, නිමල් ලන්සා යන මහත්වරු කරුණු දැක්වූහ.

එහෙත් ඊට දීර්ඝ කාලයක් ගතවන බැවින් සහ දිනට නියමිත ඛනිජ තෙල් පනත සම්බන්ධයෙන් විවාද කළ යුතු බැවින් පිළිතුර සභාගත කරන්නැයි විපක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල දිගින් දිගටම සඳහන් කළේය. අදාළ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හෙළිදරව් කරනු ලැබූ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කිරීම හෝ කටඋත්තර ලබා ගැනීමක් කර නැති බැවින් ඇමැතිවරයාගේ දීර්ඝ ප‍්‍රකාශය කිරීම පලක් නැතැයි ද කීය.

එස්. එම්. මරික්කාර්, ගයන්ත කරුණාතිලක යන විපක්ෂ මන්තී‍්‍රවරුන් අදාළ පිළිතුර ලබා දීමට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරිම මත බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට සිය කතාවේ ඉතුරු කොටස සභාගත කිරීමට සිදුවිය.ඇප නොලැබෙයි:

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment