විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී

307

20 ක් රෝහලේ – අත්අඩංගුවට ගත් 83 ට ඇප

සමාජවාදී තරුණ සංගමය පෙරේදා (24 දා) කොළඹ සංවිධානය කළ විරෝධතා පා ගමන අතුරතුර සෞඛ්‍ය අමාත්‍යාංශය අසලදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, එහිදී තුවාල ලැබූ 20 දෙනකු රෝහල් ගත කර තිබේ. තුවාල ලැබූ පිරිස අතර කාන්තාවක් හා පොලිස් නිලධාරීහු 5 දෙනෙක් වෙති.

විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ඇතුළු විරෝධතාකරුවන් 84 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්‍ෂුන්වහන්සේ දෙනමක් ද කාන්තාවෝ සිව්දෙනෙක් ද වෙති. මරදාන, කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය, වෙරළබඩ යන පොලිස් ස්ථානවලින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී

මෙම උණුසුම් සිද්ධියේදී තමන්ට පොලිසිය පන්න පන්නා හා බිම දමාගෙන බැටන් පොලු ප්‍රහාර එල්ල කළ බව විරෝධතාකරුවෝ පවසති.

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන පෙරේදා (24 දා) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වූ අතර එම පා ගමනට අරගලකරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුහු විවිධ පුවරු අතැතිව එම පා ගමනට එක්වූහ.

විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී

“අපි විරෝධතාවය කළේ බොහොම සාමකාමීවයි. ගහන්න එපා කියද්දී පොලිසිය අපට පන්න පන්නා බැටන් පොලුවලින් ගැහුවා. තවත් පිරිසකට පොලිසිය බිම දාගෙන ගැහුවා. අපි රජයේ දේපළවලට කිසිම හානියක් කළේ නැහැ. පොලිසිය තිරිසන්නු වගේ හැසිරුණේ. රටේ ජනතාවට කන්න නැහැ. බොන්න නැහැ. ජීවත්වෙන්න විදිහක් නැහැ. රටේ ජනතාව වෙනුවෙන් හඬ නඟනන්නයි අපි ආවේ.”යැයි හිසේ ලේ ගලන තුවාල සහිතව යමින් සිටි විරෝධතාකරුවෙක් ‘දිවයිනට’ට පෙරේදා (24 දා) පැවසීය.

විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී

පවතින ආර්ථික අර්බුදය ඇතුළු කරුණු කීපයක් මුල්කර ගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට පොලිසියෙන් එල්ල වූ කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් පොලු ප්‍රහාරය ගැන අදහස් දක්වමින් ඔහු එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ එම විරෝධතාකරු මෙසේද කීය.

විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී

පොලිසිය කිසිම ඉවක් බවක් නැතිව පහර දුන්නා. තරුණියන් රෑසක් පහරකෑමට ලක්වුණා. අපි මේ හඬ නැඟුවේ රටේම ජනතාව වෙනුවෙන්. එහෙම නැතිව වෙන දේකට නෙමෙයි. ආණ්ඩුව දිගින් දිගටම මේ මර්දනයෙන් ඉන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි.

“මර්දනය හකුලාගනිව් – වහා ඉල්ලා අස්වනු” යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමන පෙරේදා පස්වරු 3.00 ට පමණ ආරම්භ විය.

විරෝධතාකරුවෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මරදාන දක්වා පා ගමනින් ගමන් කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය පසු කරමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් ජල ප්‍රහාරක රථයෙන් විරෝධතාකරුවන් දෙසට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලිසිය බැටන් පොලු ප්‍රහාර ද එල්ල කරන්නට විය. එහිදී විරෝධතාකරුවන් කීපදෙනෙකු සිය භාරයට ගත් පොලිසිය ඔවුන්ව පොලිස් බස් රථයට නංවනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් දෙසට එල්ල වූ කඳුළු ගෑස් උණ්ඩ යළි පොලිසිය දෙසටම එල්ල කරන ආකාරය ද දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි සැලවීමත් සමඟ මරදාන පොලිස් ස්ථානයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“කරුණාකරලා මේ විගඩම්කාරී මර්දනකාරී පිළිවෙත නතර කරන්න. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පිරිස සටන් කළේ. අද පාසල් යන දරුවන් කලන්තෙ දාලා ඇද වැටෙනවා. ගැබිනි අම්මලාට හරි හමන් ආහාර වේලක් නැහැ. තරුණ තරුණියන්ට රැකියා නැහැ. රටේම ජනතාව පීඩාවට පත්වෙලයි ඉන්නේ. ඒ පීඩාවට එරෙහිව ජනතාවට අරගලයේ යෙදන්න බැරිද?

විරෝධතාකරුවන් 84 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරදාන ඩීන්ස් මාර්ගය අසල රැස්ව සිටි විරෝධතාකරුවන් පලවාහැරීමට පොලිසිය ක්‍රියා කළ අතර ඔවුහු පසුව කොළඹ මහ නගර ශාලාව අසලට රැස්වී එහිදී විරෝධතා රැලියක් ද පැවැත්වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment