විල්පත්තු වන විනාශය ගැන යළිත් චෝදනා

284

හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් මහතා විසින් විල්පත්තු වනාන්තරයට යාබද පරිවාර වනාන්තරවලට හානි සිදුකළ බවට චෝදනා කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය(CEJ) විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුවට අනුව ක්‍රියාත්මක කළ යුතු මූලික වැඩ කොටස පැවරී ඇත්තේ නඩුවේ පළමු වගඋත්තරකරු වන , වන සංරක්ෂක අධ්‍යක්ෂවරයාට බව එම සංවිධානය පවසයි. තීන්දුවට අනුව යමින් අද වන විටත් විල්පත්තු වනාන්තරය සහ එහි පරිවාර වනාන්තරවලට යුක්තිය ඉටු නොවීමෙන් ඒ්වා පවතින්නේ අනාරක්ෂිත තත්වයේය.මේ තත්වය තවදුරටත් පැවතිය යුතු නොවන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අදහසයි.එබැවින් වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment