විල්සන්ගේ ‘සුරපුරයේ’ වැඩ ඇරඹේ

73

ප්‍රවීණ රංගධර, අධ්‍යක්‍ෂක, පිටපත් රචක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විල්සන් ගුණරත්නයන්ගේ ‘සුරපුරය’ නමැති නවතම ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි.

ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂක චන්‍ද්‍ර රත්නම් මහතාගේ ප්‍රධාන උපදේශකත්වය යටතේ ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්නයන් සමඟ දෙස් විදෙස් රංගන ක්‍ෂේත්‍රයේ ශිල්පී ශිල්පිනියන්ගේ දායකත්වයෙන් මෙම නව ටෙලි නාට්‍ය නිර්මාණය කෙරේ. රිචඩ් මුන්ඩි. ආචාර්ය මැක්ඩා අසීස්, ශාන්ත මෙන්ඩිස්, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, ශිරාන් පීරිස්, බිනර ජනාක්‍ය, දයානන්ද හේවගේ, රුමේෂ් ගුණවර්ධන, නෝමන් පලිහවඩන ඇතුළු රංගනවේදීන්

රැසක් ‘සුරපුරය’ ටෙලි සිත්තමට දායක වෙති. සුමේධ කිතුලේගොඩ, කේ. එම්. කරුණාතිලක, ඕෂධ ගුණරත්න, පුලස්ති අභිෂේක සහ ඇඳුම් මෝස්තර සැපයීමෙන් ඇල්දෙණිය හර්ෂ ටේලර්ස් සුවිශේෂී සහායක් දක්වා ඇත.

එක්තරා දූපතක 74 වසරක් පුරා පවතින ආර්ථික සමාජීය, දේශපාලන, අර්බුද හා ගැටලු පිළිබඳව විiාත්මක විශ්ලේෂණයක් මෙම සුරපුරය ටෙලි නිර්මාණය සඳහා අන්තර්ගතව ඇතැයි ප්‍රවීණ රංගධර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විල්සන් ගුණරත්න මහතා පැවසීය. 74 වසරක් පුරා එම දූපතේ වැසියන් අත්විඳිනු ලබන බහුවිධ, බහුවර්ණ ජීවන ගැටලු උදෙසා තිරකයන්ගේ විසඳුම් පිළිබඳ උපහාස රසයෙන් යුතු විශ්ලේෂණයක් මෙම නිර්මාණය තුළින් සැබවින් ම මතුවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment