විල් යන්ග්ගේ ශතකයෙන් නවසීලන්තයට ජය

164

ආරම්භක පිතිකරු විල් යන්ග් ජගත් එක් දින ක‍්‍රිකට් පිටියේ රැස් කරන ලද පළමු ශතකයේ දක්ෂතාවය මත නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 7 ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්තය ඊයේ (29 වෙනිදා) සමත් විය.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක් දින ක‍්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ පැවැත්වුණු අතර එහිදී ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 202 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 38 පන්දු 3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 204 ක් රැස් කර ජයග‍්‍රහණය වාර්තා කළේය.

මාර්ටින් ගප්ටිල් සහ රෝස් ටේලර් වැනි අත්දැකීම් බහුල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවට දැවී යද්දී හෙන්රි නිකොලස් සමග එක් වූ විල් යන්ග් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක සම්බන්ධතාවක් වාර්තා කළේය.

ලකුණු සාරාංශය

නෙදර්ලන්තය 202/10 (මයිකල් රිපන් 67, කයිල් ජැමීසන් 45/3, බ්ලෙයාර් ටික්නර් 50/4)

නවසීලන්තය (විල් යන්ග් නොදැවී 103, හෙන්රි නිකොලස් 57, මයිකල් රිපන් 32/2)

advertistmentadvertistment
advertistmentadvertistment