විලියම්සන් ඉතිහාසය වෙනස් කරයි

994

අඛණ්ඩව දෙවෙනි වරටත් පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායම පසුගිය වතාවේ සිදුවූ වරද මෙවර සිදු නොවීමට වග බලාගනිමින් පළමු වරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට පෙරේදා (10 වෙනිදා ) සමත් විය.

2016 වසරේ පැවැති අවසන් පූර්ව තරගයේ තනිකර කණපිට පෙරළීමක් ලෙස මේ තරගය දිස් විය. 2016 වසරේ පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය රැුස් කළ ලකුණු 153 කඩුලූ 3ක් දැවී ජය ගත් අතර පෙරේදා එංගලන්තය රැුස් කළ ලකුණු 166 නවසීලන්තය කඩුලූ 5ක් දැවී ඉක්මවා ගියේය.

නවසීලන්තය ජයග‍්‍රහණය කරා ගෙන ගිය ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් පන්දු 47 කදී ලකුණු 72ක් නොදැවී ලබා ගත් අතර ජෙම්ස් නීශම් පන්දු 11කදී 6 පහර 3ක් සමග ලකුණු 27ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 13කට දැවී ගියේය. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවෙනි ස්ථානයේ රැුදී සිටි ජොස් බට්ලර් ලකුණු 23කට ඉෂ් සෝධි හට ගොදුරු වූ අතර ලකුණු 53කදී දෙවෙනි කඩුල්ලත් අහිමි වූ එංගලන්තය වෙනුවෙන් සාර්ථකම සම්බන්ධතාවය පැවැත්වුයේ මොයින් අලී සහ ඬේවිඞ් මලාන් දෙදෙනාය.

පිතිකරණ අනුපිළිවෙලේ උසස් වීමක් ලැබ අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි මොයින් අලී එංගලන්තය වෙනුවෙන් අත්‍යාවශ්‍යම මොහොතේදී සිය කාර්යය ඉටු කළේය. හතරේ පහර 3ක් සහ 6 පහර දෙකක් සමග නොදැවී ලකුණු 51ක් ලබා ගත් මොයින් අලී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියාද විය.

මොයින් අලී සහ ඬේවිඞ් මලාන් දෙදෙනා අතර දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟුනු සම්බන්ධතාවය ලකුණු 63ක් විය. ඬේවිඞ් මලාන් ලකුණු 41ක් ලබා ගත්තේය.

නවසීලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම්ක නිරත වූ ටිම් සවුති සිය පන්දු වාර 4 ලකුණු 24කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගත් අතර ජෙම්ස් නීෂම්, ඉෂ් සෝධි සහ ඇඩම් ම්ලින්ද එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

එංගලන්තය කඩුලූ 4ක් දැවී ලබා දුන් ලකුණු 166 ඉලක්කය හඹා යාමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ විශ්වාසනීයම පිතිකරුවන් දෙදෙනා වන නායක කේන් විලියම්සන් සහ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම නවසීලන්තයට විශාල පාඩුවක් විය.

පවර්ප්ලේ අවස්ථාව නිමා වනවිට නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 36කට කඩුලූ 2ක් ලෙස දිස් වූයේ එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ක‍්‍රිස් වෝක්ස්ගේ නම ඉදිරියේ එම කඩුලූ දෙක සටහන් කරමිනි.

අවසන් පන්දු වාර 10 තුළදී ලකුණු 107ක් හඹා යාමේ අභියෝගයට මූලාරම්භය 11 වෙනි පන්දු වාරයේ සිටම ලබා ගැනීමට උත්සාහ දැරූ නවසීලන්ත පිතිකරු යුගලය එම පන්දු වාරය තුළදී ලකුණු 15ක් ලබා ගත්තේය. එහෙත් ඩෙවොන් කොන්වේ සහ ඩැරිල් මිචෙල් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාවය ලකුණු 81කට සීමා වෙමින් කොන්වේ ලකුණු 46 කට දැවී ගියේය. එම පන්දු වාරයේදී ලකුණු 15ක් ලබා ගත්තේය.

ලකුණු සාරංශය

එංගලන්තය පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 166යි (මොයින් අලී (නොදැවී) 51, ජොස් බට්ලර් 29, ඬේවිඞ් මලන් 41, ජේම්ස් නීසම් 18/1, ඉස් සෝදි 32/1, ටිම් සවුතී 24/1)

නවසීල්න්තය පන්දුවාර 19කදී කඩුලූ 5ක් දැවී ලකුණු 167යි ( ඩර්ලි මිචෙල් (නොදැවී) 73, ඩිවෝන් කොන්වේ 46, ජේම්ස් නීසම් 26, ලියම් ලිවින්ග්ස්ටොන් 22/2, කි‍්‍රස් වෝක්ස් 36/2)

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment