විලියම් තමාට පහරදුන්නේ යැයි හැරී කුමරුගෙන් චෝදනාවක්

221

සිය සොයුරු විලියම් කුමරු තමාට පහරදුන්නේ යැයි හැරී කුමරු ප්‍රකාශ කළ බවට ගාඩියන් පුවත්පත වාර්තා කොට තිබේ. ගාඩියන් පුවත්පත පවසන්නේ සසෙක්ස් ආදිපාද හැරී කුමරුගේ මතක සටහන් අඩංගු ‘ස්පෙයා‘ හි නම් කෘතියේ පිටපතක් ඔවුන් දුටු බව යි.

හැරීගේ බිරිඳ මේගන් සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් කෘතියෙහි වන බව එහි වැඩිදුරටත් සඳහන්ය.

“ඔහු මගේ කමිස කොලරයෙන් අල්ලගෙන, මාගේ බෙල්ලේ පළඳනාව ඉරලා, මම බිම වැටෙන විදියට පහර දුන්නා” ගාඩියන්, හැරී කුමරුන් උපුටා දක්වා තිබේ. කෙසේ වෙතත් කෙන්සිංටන් මාළිගාව හා බකිංහැම් මාළිගාව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

‘ඕනෑම මතභේදාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාරයක් නොදැක්වූ විට එය වේගයෙන් අතුරුදන් වනු ඇතැයි‘ යන උපායමාර්ගය වත්මන් වේල්ස්හි කුමරු වන විලියම්ගේ හා තුන්වන චාල්ස් රජුගේ මාළිගය විසින් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ අතර ෂඔඪ සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක පූර්ව ප්‍රචාරක පටයක දර්ශන වල, මැයි මාසයේ දී පැවැත්වෙන රජුගේ රාජාභිෂේකයට සහභාගි වීමට පොරොන්දුවීම හැරී ප්‍රතික්ෂේප කර ඇති බව දක්නට ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment