විවාදය නෑ: අද මැති සබේ ජනපතිගේ ප්‍රකාශය පමණයි

1

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (02දා) ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව අද සහ හෙට (02 – 03) පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (01දා) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment