විවාහය වෙනුවෙන් වෙන් කළ මුදලකින් අපූරු සද්කාර්යක්

613

ජීවිතයේ සුන්දරතම හා සුවිශේෂී දිනයක් වන විවාහප්‍රාප්ත වීම වෙනුවෙන් වැය කිරීමට වෙන් කර තිබූ මුදලකින් ග්‍රාමීය දූ දරු පිරිසකගේ පුංචි සිත් සතුටින් පුරවාලීම සඳහා අභිනව විවාහපත් යුවළක් අ/ පෙරියකුලම මහා විද්‍යාලයේ දූ දරුවන් සඳහා පොත්පත්, පාසල් ලිපිද්‍රව්‍ය, ටොෆි චොකලට් සමඟ වූ තෑගි ප්‍රදානය කිරීමක් සිදු කෙරිණි.

දැනට කැනඩාවේ පදිංචි ප්‍රදීප් විජේසිංහ මහතාගේ සහ රත්නමාලි විජේසිංහ මහත්මියගේ

පුතු හසිත විජේසිංහ මහතා කේතකී විජේසිංහ මෙනවිය සමග විවාහපත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙලෙස දූ දරුවන්ට ත්‍යාග පාර්සල් රැගෙන විත් තෑගි කළහ. ඒ සමගම දූ දරුවන්ට දිවා ආහාරය සඳහා ප්‍රණීත කෑම පාර්සලයක් ලබා දීමටද කටයුතු කර තිබුණි. මෙම සද්කාර්ය සම්බන්ධීකරණය කළ තිරප්පනේ, පතිරාජගම ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. කිත්සිරි, නව යුවළගේ සොහොයුරු සහන් විජේසිංහ සහ විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්.අයි. ජයලත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment