විවාහා සහ අවමංගල්‍ය උත්සව සඳහා පළාත් අතර සංචරණයට සීමා

191


විවාහ උත්සහ සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් අදාළ ලේඛන මඟින් තහවුරු කිරීමකින් පසුව යම් ලිහිල් කිරීමක් සිදුකරන බවද විවාහ මංගල අවස්ථාවක දී මනාල යුවළ පළාත් දෙකක සිටීනම් පමණක් එක් පාර්ශවයකට අනෙක් පළාතට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී මනාල යුවළගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment