විවාහ දිවියේ උණුසුම මැකී යන්නටත් පෙර පැල් රකින්න ගිය අඹුසැමියන්ට වන අලි එළව එළවා ගහලා….!

1764

සැමියා මරුට – බිරිඳට බරපතළයි

පැල් රැකීම සඳහා හේනට ගිය තරුණ යුවළකට පෙරේදා රාත‍්‍රියේ වල් අලියෙකු කළ පහර දීමක් ගැන අඹන්පොල වඳුරුස්ස ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙම යුවළ විවාහ වී මසක් පමණ වන අතර පවතින ආර්ථික දුෂ්කරතාවයන් නිසාවෙන් තම නිිවසට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති භූමියක හේන් ගොවිතැන සිදුකර ඇති අතර වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෑම රාත‍්‍රියකම මෙම යුවළ වගා භුමියට ගොස් ඇත.

ඉකුත් 08 දා මෙම යුවළ හේනට ගොස් ඇති අතර එවිට පැමිණි අලියා යුවළට පන්න පන්නා පහර දී ඇත්තේ වෛරයක් සංසිඳුවා ගන්නා ආකාරයටය. තරුණයාව හොඬෙන් ගෙන කැලයට විසිකර ඇති අතර

තරුණියගේද කොන්ද පාදයෙන් පාගා ඇත. එයින් නොනැවතුන අලියා ඔවුන් රාත‍්‍රී ආහාරයට රොටී සාදා ගැනීමට ගෙනැවිත් තිබූ පාන් පිටි උරය හා හකුරු උරයද ඇතුලු ඔවුන්ගේ කළමනා ආදියද තලා පොඩිකර විනාශ කර තිබේ.

තරුණිය ඉතා අපහසුවෙන් ජංගම දුරකථනය ගෙන නිවසට පණිවුඩයක් දීමෙන් පසු පැමිණි නිවැසියන් හා අසල්වැසියන් එක්ව ඔවුන් දෙදෙනාව නිකවැරටිය මහ රෝහල වෙත රැුගෙන ගොස් ඇතත්, ඒ වන විටත් තරුණයා මෙලොව හැරගොස් ඇත. තරුණිය තවමත් නිකවැරටිය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඇයගේ සුෂුම්නාව බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 22 හැවිරිදි ෂෙහාන් දෙනෙත් කුමාරසිංහ වන අතර රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ විසි හැවිරිදි සුපුන් මධුෂාණි රත්නායක නැමැති අයයි.

advertistmentadvertistment
advertistmentadvertistment