විවාහ යෝජනාවට අකමැති වූ දැරිය තියුණු ආයුධයකින් කපා තරුණයා පලායයි… දැරියට පැය 10 ක සැත්කමක්

454

දඹුල්ල – සරත් එරමිනිගම්මන
 
 ඥාතින් විසින් කරන ලද විවාහ යෝජනාවකට 16 හැවිරිදි දැරියක් අකමැත්ත ප‍්‍රකාශ කළැයි උරණවූ 26 හැවිරිදි තරුණයකු තියුණු ආයුධයකින් දැරිය කපා කොටා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් පිළිබඳව දඹුල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
 දඹුල්ල, මැණික්දෙන ප‍්‍රදේශයේ මෙම දැරියගේ මව සහ පියා අහිමිව සිය මිත්තනියගේ රැුකවරණය යටතේ සිටියදී අදාළ සැකකාර තරුණයා විසින් දැරියගේ නිවසේදීම පහරදීම සිදුකර පලා ගොස් ඇත.
 
 බරපතළ තුවාල ලැබූ දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත. සිරුරේ ස්ථාන කිහිපයකටම සිදුව තිබූ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇයට පැය දහයකට ආසන්න කාලයක් සැත්කම් සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. සකකර තරුණයා මාතලේ, මහවෙල පදිංචිකරුවෙකි.
 
 දැරිය පදිංචි ප‍්‍රදේශයේ නිවෙසක තිබූ උත්සවයකට සහභාගිවී ඇති සැකකාර තරුණයාට දැරියගේ ඥාතින් විසින් දැරිය පිළිබඳව තොරතුරු පවසා විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබිණි. දැරිය එම යෝජනාවට අකමැත්ත ප‍්‍රකාශ කිරීම නිසා මෙම පහරදීම සිදුකර ඇතැයි දැරියගේ මිත්තනිය පොලිසියට ප‍්‍රකාශ කර ඇත. දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment