විවාහ වෙන්න කෙනෙක් නෑ…. ප්‍රීති කොල්ලන්ව අල්ලේ නටවනවා

442

කූඹියෝ ආපහු එනවා…..

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකාව අමුතුවෙන් ඔබට හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. දඟකාර, කෙළිලොල් තරුණියක් වන යුරේනි රංගනයෙන් පාන හපන්කම්වලට අමතරව ඇගේ හඬ පෞර්ෂයෙන්ද පාන දස්කම් ඉදිරියේදි තිරගතවන ගජමෑන් චිත්‍රපටය හරහා ඔබට නරඹන්න පුළුවන්. ඉතින් ඒ ගැන වගේම ඇගේ කලා කටයුතු ගැන දැනගන්න අපි යුරේනි එක්ක කතා කළා.

යුරේනි, ගජමෑන් කියන්නේ මොන වගේ චිත්‍රපටයක්ද?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා පුවත්පත්වල පළකරපු ගජමෑන් කාටුන් අනුසාරයෙන් නව පරපුරේ අධ්‍යක්ෂවරයෙක් වන චානක පෙරේරා නිර්මාණය කරපු ප්‍රහසන චිත්‍රපටයක් තමයි ගජමෑන් කියන්නෙ. ඇත්තටම ගජමෑන් තරුණ, බාල, මහලු කාටත් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කිව්වොත් හරි.

විවාහ වෙන්න කෙනෙක් නෑ…. ප්‍රීති කොල්ලන්ව අල්ලේ නටවනවා

ඒ වගේම ලංකාවෙ සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙනයමින් නිර්මාණය වුණ ලංකාවේ පළමුවැනි ්බසප්එසදබ චිත්‍රපටය තමයි ගජමෑන් කියන්නේ. ඉතින් ලංකාවේ සිනමාව වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යය වෙන්නත් ගජමෑන් ඉඩ තියෙනවා.

ගජමෑන් චිත්‍රපටයේ ඔබ හඬකවන චරිතය මොකක්ද ?

මම හඬකවන්නේ ප්‍රීති කියන තරුණියගේ චරිතයට. ප්‍රීති කියන්නේ බටහිර පන්නයට අඳිනපළඳින, ඉංග්‍රීසි ටිකක් පොෂ් විදිහට කතා කරන, ගමේ දේවල් හරි ගොඩේ කියලා හිතන, කොල්ලන්ව ආදරයෙන් රවට්ටලා අල්ලෙ නටවන තරුණියක්.

විවාහ වෙන්න කෙනෙක් නෑ…. ප්‍රීති කොල්ලන්ව අල්ලේ නටවනවා

ගජමෑන් තිරගත වෙන්න ටිකක් කල්ගියා නේද ?

ඔව්. වසර කීපයකට කලින් තමයි ගජමෑන් තිරගත කිරීමට සැලසුම් කරලා තිබුණේ. නමුත් තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා තිරගත කිරීම කල්දාන්න සිද්ධ වුණා.

සමහරු කිව්වා චිත්‍රපටය කල් ගිහින් තිරගත කරද්දි එය නරඹන්න සිනමාශාලාවලට සෙනඟ එන එකක් නැහැ කියලා. නමුත් පසුගියදා තිරගත කෙරුණ ගජමෑන් විශේෂ දර්ශනයේදී සිනමාශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. නිල වශයෙන් ගජමෑන් ලංකාවේ සියලුම සිනමාශාලාවල තිරගත කරන්න 2023 වසරේ ජනවාරි මාසයේදි සැලසුම් කරලා තියෙනවා. ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකින් වැටිලා තියෙන වෙලාවක මම හිතනවා සිනමා කර්මාන්තය නගාසිටුවන්න ගජමෑන් සමත්වෙයි කියලා.

යුරේනිට ආදරය කරන රසිකයෝ නිතර අහන ප්‍රශ්නයක් තමයි කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවැනි කොටස කවද්ද එන්නෙ කියලා?

කූඹියෝ දෙවැනි කොටස නිර්මාණය කරනවා කියලා එහි අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න මට කිව්වා. නමුත් මේ දවස්වල ඔහු චිත්‍රපටයකට කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ චිත්‍රපටයේ වැඩ අවසන් වුණහම ගොඩක් දුරට කූඹියෝ දෙවැන්න රූගතකිරීම් ආරම්භ කරයි.

විවාහය ගැන ඔබ තාම තීරණයකට ඇවිත් නැද්ද ?

අහවල් පුද්ගලයා සමග මේ දවසේ විවාහ වෙනවා කියලා නම් මම තාම තීරණයකට ඇවිත් නැහැ. මොකද මට තාම විවාහ වෙන්න සහකරුවෙක් නැහැ. ඒකෙ තේරුම මම විවාහ නොවී හැමදාම තනිකඩව ඉන්නවා කියන එක නෙමෙයි. කවදාහරි හොඳ කෙනෙක් ලැබුණ දාට මම විවාහ වෙනවා.

විවාහ වෙන්න කෙනෙක් නෑ…. ප්‍රීති කොල්ලන්ව අල්ලේ නටවනවා

ඉදිරියේදි රසිකයන්ට ඔබව දැකගත හැකි වෙනත් නිර්මාණ ගැනත් අපි කියමු ?

මම හඬදායකත්වය ලබාදීපු ගජමෑන් චිත්‍රපටය 2023 වසරේ ජනවාරි මාසයේදි තිරගත වීමට තිබෙනවා. ඊට අමතරව යාළුවොද? යාළුයිද? කියන චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටයත් ලබන වසර මුල් කාර්තුවේදී තිරගතවීමට තිබෙනවා. ටෙලි නිර්මාණ පැත්තෙන් ගත්තොත් තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයක රංගනයේ නිරතවීමට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මෙවැනි නිර්මාණ හරහා රසිකයන්ට ඉදිරියේදී මාව දැකබලාගන්න පුළුවන්.

ලක්ෂාන් නිලංක

advertistmentadvertistment
advertistmentadvertistment