විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා

322

පවුලේ නියෝජිතයින් කියලා බොහෝ අය කියන්නේම බොරු
මාධවීගේ ප්‍රේමෙට සීමාවක් නෑනේ

පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වුණ චරිතයක් තමයි මාධවී ඇන්තනී කියන්නේ. හැබැයි මොන කතාබහ ආවත් මාධවී තමන් කරන වැඩේ අතහරින්නේ නෑ. පෙරේදා මාධවීගේ ‘ප්‍රේමෙට සීමාවක් නෑනේ. ගීතය එළිදැක්වූවා. මාධවී ඇන්තනීගේ මේ ගීතයේ රූපරචනාව සිදු කරලා තියෙන්නේ වගේම මේ අදහස මාධවීට ගෙනැල්ලා තියෙන්නේ ඇයගේ පෙම්වතා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. මාධවීගේ ප්‍රේමෙට සීමාවක් නෑනේ ගීතය ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි ඇයව ඇමතුවා.

මාධවී” ‘ප්‍රේමෙට සීමාවක් නෑනේ. කියන්නේ ඇත්තද ?

ඔව්” ඒක හැඟීමක්. කොන්දේසි විරහිත ප්‍රේමය කියන්නෙ ඒකට.

විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා
විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා

මේක මාධවීගේ අලුත්ම ආදර කතාවද?

ආදරේට වයසක් නෑ. අලුත් ද පරණ ද නෑ. ගොඩක් ද ටිකක් ද නෑ. හේතුවක් නෑ. ආදරේ නම් ආදරෙයි. එච්චරයි. මේ රූපරචනාවෙ තියෙන්නෙ කසුන්ගෙයි මගෙයි ආදර කතාව නම් නෙවෙයි. ඒත් ආදරේ කාටත් පොදු කතාවක්. මං හිතන්නේ සමාජය විසින් නිර්දේශ කරපු සාමාන්‍ය ආදර කතා වලින් ඔබ්බට” අපට තේරුම් ගන්න බැරි තරම් ‘උමතු- අමුතු. හැම ආදර කතාවකටම වටිනාකමක් තියෙන බව මේ ගීතමය රූපරචනය තුළින් කසුන් කියන්න උත්සාහ කරනවා.

ගීතය නිර්මාණය කරන්න කාටද මුලින්ම අදහස ආවේ?

කසුන්ට. ඔහු තමයි අපි තවත් අලුත් ගීතයක් කරමු කියලා මුලින්ම යෝජනා කළේ. පසුව ඔහු එය රචනා කළා. එහෙමයි මේ වැඩේ පටන් ගත්තේ.

ගීතයේ රූපරචනාවට කුසල් මධුරංගව තෝරා ගත්තේ ඇයි?

ඒක කසුන්ගෙ යෝජනාවක්. මමත් එකහෙළාම ඒ අදහසට එකඟ වුණා. මොකද ඔහු නියෝජනය කරන්නේ සුරංගනා කතාවල සිට බයිස්කෝප් දක්වා අපිට පෙන්නපු ජිම් ගිය” රූපලාවන්‍ය ගැන හිතන ‘තිරයේ පෙම්වතා. නෙවෙයි. මහ පාරේ” බස් එකේ කෝච්චියෙ” පාසලේ” කැම්පස් එකේ හමුවූ ‘ඇත්ත පෙම්වතා. තමයි කුසල් තුළින් අපි දැක්කේ. කුසල් නළු භූමිකාව තුළ මේ නිර්මාණයට තමන්ගේ සම්පූර්ණ සවිය දුන්නා.

විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා

මේ ගීතයේ තනුව සහ සංගීතය කාගෙද?

තුසිත් සිම්සන් තමයි අපි තෝරාගත් සංගීතවේදියා. ඔහු ඔහුට ආවේණික නාද රටාවකින් අපේ ගීතය වර්ණවත් කළා.

රූප රචනාව චිත්‍රපටයක් ආකාරයට නිර්මාණය කිරීමට හේතුව?

එහි සංකල්පය” ගීත රචනය සහ පිටපත වගේම අධ්‍යක්ෂණයත් කසුන්ගේමයි. ඔහු කාලයකට සැරයක් තමා නිර්මාණයක් බිහිකරන්නේ. ඒ ඔහු හිත හදා ගන්නෙ නැතුව වැඩේ හදාගන්න නිර්මාණකරුවෙක් නිසයි. කසුන් කියන්නෙ ගුණාත්මක නිර්මාණ ජනප්‍රිය කරන කෙනෙක්. එහෙම වෙන්න නම් මුල සිටම ලොකු මහන්සියක් කැපවීමක් වෙන්න ඕනෙ.

විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා

මේ වැඩේට උදවු කරපු අය කවුද?

මේ කටයුත්තට මූලික නිෂ්පාදන පිරිවැය යෙදුවේ අපේ සහෘදයන් දෙපළක් වන නිරෝශන් සමරසිංහ සහ කේ. පී. සී. කසුන් විසින්. මේ කටයුත්තට ශ්‍රමදායකත්වය සැපයූ බොහෝ පිරිසක් මේ පිටුපස ඉන්නවා. ලහිරු ද කොස්තා ශබ්ද සංකලනයෙන් එක් වුණා. ශ්‍රීනික ලියනගේ කැමරාකරණයෙන්” හසිත ජයසංක සංස්කරණයෙන්” අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන් සහ තරිඳු පතිරත්න වේශනිරූපණයෙන් එක් වුණා. Chenara Dodge විසින් මගේ ඇඳුම් සහ Olak fashion වෙතින් කුසල්ගේ ඇඳුම් සැපයූවා. මගේ අම්මා අප්පච්චිගේ බොහෝ පැරණි මිතුරෙක් වන රංගන ශිල්පී ටෙරී ජයසිංහ මහත්මයා සහ ගරු රඟපෑමෙන් සහභාගි වූ රත්නා ලාලනී ජයකොඩි මහත්මිය විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. ඊට අමතරව මාධවී ඇන්තනී යූ ටියුබ් නාලිකාව ඔස්සේ අපේ නිර්මාණය රසවිඳින අපිට අදහස් එවන රසික ප්‍රජාවත් ආදරයෙන් මතක් කරනවා.

විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා

දැන් රඟපෑමට වඩා ගායනයෙන් ඉදිරියට යන්න ද සූදානම් ?

පොදුවේ කලාව තමයි මගේ වෘත්තිය. ගායනයෙන් තමයි මම කලාවේ අත්පොත් තිබ්බේ. මං ගායනයට බොහෝ සෙයින් ප්‍රියයි.

සුගිය කාලයේ මාධවී වැඩිපුර කතාබහට ලක්වුණා?

මං හිතන්නෙ ඒ මං ජීවිතේ වැරදුණු තැන් නිවැරදි කරගත්තු නිසයි. බොහෝ අය දුටුවේ හේතුව නොවේ ඵලය පමණයි. කාන්තාව මේ වගේ තැනකදි තනිවම බැණුම් අහගන්න එක බොහොම සාමාන්‍ය දෙයක්. වෛරී ප්‍රතිචාර දුටුවම මට දුක නැතුව නෙවෙයි. ඒත් මුළු ජීවිත කාලයක් හිතින් දුක් වෙමින් ලෝකය සනසන්න හිනාවක් මවාගන්නවාට වඩා බැණුම් අහලා හෝ මගෙ ජීවිතේ නිවැරදි මගකට යොමු කරගත්තු එක ගැන මට තියෙන්නෙ සතුටක්. ඒ වගේම පහුගිය සිදුවීම් නිසා මිනිසුන් නොමිනිසුන් හඳුනාගන්න මට පුළුවන් වුණා. මගේ අය කව්ද නැත්තෙ කව්ද කියලා ඒ ඒ අය හැසිරුණු ආකාරයෙන් පැහැදිලි වුණා.

විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගේ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා

මේ දිනවල ඔබේ පියා ගැන සමාජ මාධ්‍යවල විවිධ කතා පළවෙනවා?

මගේ අප්පච්චි ගැන කතා කරන බොහෝ දෙනා ඒ කතා කරන්නෙ කිසිවක් දැනගෙන නොවන බව හිතෙනවා. අප්පච්චි මගෙ විතරක් නෙවෙයි. ඉතිං හිතු හිතු පළියට සෞඛ්‍ය සම්බන්ධ දේවල් පත්තරේ දාන්න මට බෑ. ඇත්තටම අපේ පවුලේ නියෝජිතයන් යැයි කියාගනිමින් විවිධ අය කියලා තිබෙන කාරණාත් සම්පූර්ණ ඇත්ත නෙවෙයි. ඒ ඒ අය විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගෙ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා. ‘ඔවුන් නොදැන කරන දෙයට සමාව දෙන්න. කියලා ජේසු කියපු විදිහට ඒ හැමෝටම මම සමාව දෙනවා. බොරු ප්‍රචාර කරලා දරුමල්ලො පෝෂණය කරන ඈයෝ නිසා මගෙ අප්පච්චිට පිං පිරෙනවා. අප්පච්චි ඒ හැම ආනිශංසයක්ම ඖෂධයක් කරගෙන හෙමින් හෙමින් සුව වෙන බව අපි විශ්වාස කරනවා. ඔහුට අපිව ඇහෙනවා. අපි කතා කරද්දි ඔහු කඳුළු සලනවා. අපි දිහා ඇස් කරකවමින් බලනවා. මූණේ ඉඟි මවනවා. ඔහු සුව වෙනකන් අපි අප්පච්චිව භාර නිල වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ අදහස් පමණක් පිළිපදිමින් බලන් ඉන්නවා. ඒ අතරේ අපි හිත් හයිය කරන් කලාවේ අපේ රැකියාවන්හි නියැළෙනවා.

මාධවී සහ කසුන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න යනවා කියන්නේ ඇත්තද?

එකක් නෙවෙයි. අනාගතයේදී ”Heenatigala Films”” අපේ නිෂ්පාදන ආයතනය විසින් බොහෝ ටෙලිනාට්‍ය චිත්‍රපට නිර්මාණ වෙන්න නියමිතයි. අපි දෙන්නම විවිධ කේෂේත්‍රයන්හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා තිබුණත් වෘත්තීයව නැවතුණේ කලා කේෂේත්‍රයේ. අපි අපේ සුසංයෝගයෙන් කලාව පෝෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ දිනවල වැඩිපුර කාලය යොමු වෙන්නේ මොන වගේ වැඩ කටයුතු වෙනුවෙන් ද?

අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒක මං මගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රයෝජනයට ගන්න වැඩක්. ඉදිරියේදී මං ඒ ගැන කියන්නම්.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප : ප්‍රමුදිත දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment