විවෘත වෙළෙඳ පොළේ එළවළු සිල්ලර මිල සියයට තුන් සියයකින් ඉහළ ගිහින් – තොග වෙළෙන්දෝ කියති

331

විවෘත වෙළෙඳ පොළේ එළවළු සිල්ලර මිල සියයට තුන් සියයකින් පමණ ඉහළ ගොස් තිබේx පාරිභෝගිකයන්ට දරාගත නොහැකි එළවළු මිල අතරමැදි සහ තැරැුව්කරුවන් නිර්මාණය කර තිබෙන බව ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන තොග වෙළෙන්දෝ පවසතිx

එළවළු රටපුරා ප‍්‍රවාහනය කෙරෙන තොග වෙළෙඳුන්ගෙන් අවශ්‍ය තොග ඇණවුම් ලබා ගන්නා අතරමැදියන් සහ තැරැුව්කරුවන් ගොවි බිමට ගොස් ඉතාම අඩු මුදලට ගොවීන්ගෙන් එළවළු මිලදී ගෙන දෙගුණයක ලාභයකට තොග වෙළෙන්දාට අලෙවි කරන බව ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙන්දෝ පවසතිx

එළවළු මිලදී ගන්නා වෙළෙඳුන් තොග ප‍්‍රවාහනය, කම්කරු කුලී සේවා නඩත්තු සහ ඔවුන් සඳහා ලබා ගන්නා ලාභය සියයට 50ක් පමණ ලබා ගන්නා අතර සිල්ලර වෙළෙඳුන් සියයට පනහක ලාභයක් ඇති

පාරිභෝගිකයාට එළවළු අලෙවි කිරීමේදී සියයට තුන් සියයක පමණ මුදලකට තමන්ට එළවළු කිලෝවක් මිලදී ගැනීමට සිදුව තිබෙන බව පාරිභෝගිකයෝ පවසතිx

ගොවි බිමේදී කැකිරි, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 20ත් 30 අතර මිලකටද පතෝල, මෑ, වම්බටු, වට්ටක්කා, තක්කාලි ඇතුළු එළවළු කිලෝවක් රුපියල් 80ත් 120 ත් අතරද බීට්, ලීක්ස්, කැරට්, බෝංචි කිලෝවක් රුපියල් 100ත් 140ත් අතරද අමු මිරිස්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 110ත් 150ත් අතර මිලකට ගන්නා අතරමැදියන් සහ  තැරැව්කරුවන් සියයට සියයක ලාභයක් ගෙන තොග වෙළෙඳුන්ට ලබාදෙන බවද පවසතිx

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment