විවේචන දරා ගැනීමට බැරි පිරිසක් චමුදිතගේ නිවසට පහර දීම තරයේ හෙළා දකිනවා – අගමැති

259

අඩුපාඩු ප‍්‍රශ්න ඇතුළු විවිධ කාරණා මුල්කරගෙන සාධාරණව විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතුව තිබෙන අතර විවේචන දරාගැනීමට නොහැකි පුද්ගලයන් හිරු මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල්මුල් එල්ල කිරීමේ සිද්ධිය තමා තරයේම හෙළා දකින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14 වැනිදා) ‘‘දිවයින’’ට පැවසීය.

දේශපාලනය මුල්කර ගෙන යමෙක් මෙම ප‍්‍රහාරය එල්ල කළේ නම් එම තැනැත්තා විවේචනය දරාගැනීම පුරුදු විය යුතු අයකු යැයි ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම නීතියේ රැුහැනට කොටුකරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය. මාධ්‍යවේදීන්ගෙන් රටට සිදුවන මෙහෙය තමා අගේ කරන බවත් මෙවැනි සිද්ධීන් කවර යුගයක වුවත් සිදු නොවිය යුතු ඒවා බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment