විශ‍්‍රාමිකයන් නිසි ලෙස කළමනාකරණය කරන්න – බුද්ධික පතිරණ (සජබ)

253

පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ) – වයස අවුරුදු 60 ක් කියන්නේ විශ‍්‍රාම යන වයසයි. අපේ රටේ එදා බෝ නොවන රෝග පිළිබඳ ප‍්‍රශ්නයයි තිබුණේ. නමුත් අද කොවිඞ් නිසා බෝවන රෝග පිළිබඳ ප‍්‍රශ්නය මතුවුණා. අවුරුදු 60ට වැඩි ජනගහනය දැන් ක‍්‍රමයෙන් වැඩි වෙනවා. ආයු අපේක්ෂා කාලය වැඩිවීම මත මේ වයස අවුරුදු 60 න් විශ‍්‍රාම යන අය තවත් අවුරුදු 25 ක් පමණ ගත කළ යුතු වෙනවා. ඒ අය රැකියා නොමැතිව කාලය ගතකිරීම නිසා ඔවුන් පිනට යදින පුරවැසියන් වෙලා. සමහර රටවල නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රළු නොවන රැකියා තිබෙනවා. මිනිසකුගේ තුන්වන උපත ලෙස විශ‍්‍රාමය හඳුන්වන්න පුළුවන්. එය හරි ආකාරව කළමනාකරණය කළ යුතුයි. ඒ වගේම ඒ අයට අතුරු රැකියා නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා රජය සහයෝගය දැක්විය යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment