විශ්‍රාමික කොමාන්ඩෝ සෙබළා සියඹලන්ගමුවේ වැවට බිලි

407

ගල්ගමුව ජයලන්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මුහන්දිරම් රාලලාගේ වික්‍රම බංඩාර නැමැති විශ්‍රාමික කොමාන්ඩෝ සෙබළා 4 වැනිදා සවස 4.00 ට පමණ සියඹලන්ගමුව ජලාශයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙදරු පියෙකු වන මොහු මෙම ජලාශයේ මසුන් ඇල්ලීමට යෑමේදී මෙලෙස ජලයේ ගිලි මරණයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරනු ලැබීය. මොහු යුද සමයේ දී තම රට වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටුකළ කොමාන්ඩෝ සෙබළෙකු බවට හා ප්‍රාදේශීය සමාජ සුබ සාධන කටයුතුවලදී නායකත්වය ගෙන කටයුතු කළ කැපී පෙනෙන චරිතයක් බවද ගම්වැසින් ‘දිවයින’ට සඳහන් කළේය.

කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment