විශ‍්‍රාමික පාරිතෝෂික ජුලි සිට ගෙවා නෑ

286

රජයේ සේවකයන් විශ‍්‍රාම ගිය පසු ඔවුනට හිමිවිය යුතු පාරිතෝෂික දීමනාව ඉකුත් ජූලි මස සිට ගෙවා නැතැයි විශ‍්‍රාමික රාජ්‍ය සේවකයෝ කියා සිටිති.

මේ පිළිබඳ විමසන විට අදාළ ආයතනවල ප‍්‍රධානීන් තමන්ට කියා සිටින්නේ මේ දිනවල පවතින දැඩි මුදල් අපහසුතා නිසා ගෙවීම්වල යම් ප‍්‍රමාදයක් සිදුව ඇති බව යැයි ද විශ‍්‍රාමික රාජ්‍ය සේවකයෝ පැවසූහ.

මේ නිසා විශ‍්‍රාමිකයන් දැඩි අසරණභාවයට පත්ව සිටින අතර දරුවන්ගේ විවාහ, උසස් අධ්‍යාපන කටයුතු හා රෝගී තත්ත්වයන් වලට බෙහෙත් හේත් ලබාගත නොහැකිව සිටින බවද ඔව්හු කියා සිටිති. වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවය වෙනුවෙන් කැපවූ තමුන්ට හිමි පාරිතෝෂික මුදල් මෙලෙස ගෙවා නොදැමීම සම්බන්ධව සොයා බලා කඩිනම් සහනයක් සලසන ලෙසද විශ‍්‍රාමික පාරිතෝෂික මුදල් අහිමිව සිටින සේවකයෝ ඉල්ලා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment