විශ්‍රාමික පොලිස් පරීක්‍ෂක හප්පා පලාගිය විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

583

බීමතින් රිය පැදවූ විශේෂඥ වෛද්‍යවරයාගේ රියේ ගැටුණු විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු බරපතළ තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය කියයි.

අනතුරින් පසු නොනවත්වා ධාවනය කළ මෝටර් රථය පලායද්දී සිද්ධිය ඇසින් දුටුවකු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව කිලෝමීටර් හතරක් අදාළ රිය පසුපස හඹා ගොස් රියදුරු හා මෝටර් රථය අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් රියැදුරු එම අවස්ථාවේ බීමතින් සිටි බව පවසන පොලිසිය ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයකරන විශේෂඥ වෛද්‍යවරයකු බවට හඳුනා ගෙන තිබේ.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටින පොලිස් පරීක්ෂකවරයා කොට්ටාව දෙසින් පොල්ගස්ඕවිට දෙසට පා ගමනින් යමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ

ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. සැකකාර රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත පො. සැ. (8158) සිල්වා, පො. කො. (75486) තිළිණ, පො. කො. (82032) රණවීර යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවති.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment