විශ්‍රාමික ස්ථාවර තැන්පතු පොලියටත් 5%ක් බදු ගහලා

557

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කබලෙන් ලිපට

ස්ථාවර තැන්පතු ගිණුම්වල පොලියෙන් සියයට 5ක බද්දක් කපා ගැනීමට රජය ක්‍රියා කිරීම නිසා විශ්‍රාමිකයන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇත.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගිය පසු මෙතෙක් කල් ජීවත්වූයේ මෙම තැන්පතු ගිණුම්වල පොලියෙනි.

එහෙදී පොලිය ලබා ගැනීමට බැංකුවලට ගිය විශ්‍රාමිකයන් පොලියෙන් සියයට 5ක් කැපීම ගැන විරෝධය දක්වා ඇතත් බංකු බලධාරීන් පවසා ඇත්තේ ඒ ගැන තමන්ට කළ හැකි දෙයක් නැති බවයි.

එසේම සියයට 15ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමේ පොලිය කල්පිරෙන කාලයට මාස 2කට පෙර ගත්තේ නම් ඊට ලැබිය යුතු පොලී මුදල බරපතළ ලෙස අඩුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment