විශ්‍රාමික සෙබළාගේ මිනිය බෙදාගන්න ගැහැනු දෙදෙනෙක් පොරකාලා

667

විශ්‍රාමික යුද සෙබළාගේ දේහය ලබා ගැනීමට දිස්ත්‍රික් දෙකක පදිංචි කාන්තාවන් දෙදෙනකු පොරකෑම නිසා මරණ පරීක්‍ෂණයෙන් පසුව මරණ පරීක්‍ෂකවරයා මුලින්ම විවාහ වූ නීත්‍යනුකූල බිරියට දේහය ලබාදීමට නියෝග කළ සිද්ධියක් තඹුත්තේගම රෝහලෙන් වාර්තා විය.

විශ්‍රාමිකව සිට මියගියේ 54 හැවිරිදි යුද හමුදා සෙබළෙකි. පසුගිය 18 වැනිදා මෙම විශ්‍රාමික සෙබළා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණි. හදිසි මරණ පරීක්‍ෂක එන්. හිටිහාමි මහතා හමුවේ මුලින්ම විවාහ වූ කාන්තාව වන ගල්දෙන මුල්ල දොරටියාව කුරුණෑගල පදිංචි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ පුරුෂයාට දෙවන බිරිය වස ලබාදීම නිසා අසනීප වී ඇති බවයි. එම නිසා මෙම මරණය ගැන අවිශ්වාසයක් ඇති බවත් ඇය කියා ඇත.

මේ සම්බන්ධව තඹුත්තේගම පොලිසිය විසින් තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයාට වාර්තාකොට ඇත. මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛiවරයාට මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස දන්වා ඇත.

දෙවන බිරිඳ මිහින්තලය උප්පැන්න විවාහ ලියාපදිංචි රෙජිස්ට්‍රාර්වරයා හරහා තම විවාහය සිදුකරගෙන ඇති බව තඹුත්තේගම මූලික රෝහලේ මරණ පරීක්‍ෂකවරයාට ප්‍රකාශයක් ලබාදෙමින් ලේඛන ඉදිරිපත් කොට තිබේ.

තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛi බී. එම්. එස්. ආර්. බී. දිසානායක මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදුකොට ශරීරයේ කොටස් රස පරීක්‍ෂක වෙත යොමු කොට විවෘත තීන්දුවක් ලබාදී ඇත.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල

advertistmentadvertistment
advertistmentadvertistment