විශ්‍රාම ලැබූ නාවික හමුදාපතිට උසස්වීමක්

226

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා, ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (17 දා) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ. උළුගෙතැන්න මහතා වසර 37 ක විශිෂ්ට සේවා කාලයකින් පසු ඊයේ (18 දා) විශ්‍රාම ලැබීය. අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු සම්මාන ආචාර මුරයක් පවත්වා ඒ මහතා පිළිගැනීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment