විශ්‍රාම වයස 60 ද – 65 ද? මාන බලයි

342

විශේෂඥ වෛද්‍යවරුන් හෙදියන්,
දුම්රිය රියැදුරන් සහ ඉංජිනේරුවන් ඇතුළු
විශේෂ රාජ්‍ය සේවකයන්….

විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, දුම්රිය රියැදුරන්, ඉංජිනේරුවන් වැනි විශේෂ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය වසර 65 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැති බවත් එහිදී එකඟතාවකට නොපැමිණි බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය සේවයේ 30,000 ක් පමණ විශ්‍රාම ගිය බවත් ඉන් විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් දුම්රිය රියැදුරන්, ඉංජිනේරුවන් වැනි පිරිස විශ්‍රාම යෑම නිසා ඇතිවන පුරප්පාඩුවලට එම පිරිස නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කළහොත් රජයට වියදම් දෙකක් දරන්නට සිදුවන බවත් හෙතෙම කීවේය.

මෙහිදී විශ්‍රාම යෑමෙන් පසු විශ්‍රාම වැටුපත්, නැවත කොන්ත්‍රාත් පදනම බඳවා ගැනීමට සිදුවුවහොත් ඒ සඳහා දීමනාවකුත් ගෙවීමට රජයට සිදුවුවහොත් වියදම වැඩිවීම නිසා විශ්‍රාම යන පිරිස සේවා දිගුවක්දී තවදුරටත් තබා ගැනීමට රජයට යෝජනා කිරීමට අදහස් කර තිබෙන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment