විශ්වගෙන් කඩුලු 5ක්

1055

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ යෝක්ෂයර් කණ්ඩායම නියෝජනය කරන විශ්ව ප්‍රනාන්දු නෝත්හැම්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුලු 5 ක් දවා ගෙන ඇත.

විශ්ව, නෝත්හැම්ෂයර් කණ්ඩායමේ පළමු ඉනිමේදී පන්දුවාර 19ක් යොමු කරමින් ලකුණු 48කට කඩුලු 4ක් දවාගෙන තිබූ අතර දෙවැනි ඉනිමේ පන්දුවාර 10ක් තුළ ලකුණු 26කට එක් කඩුල්ලක් බිඳහෙළා එම දස්කම් දක්වා තිබේ.

එංගලන්තයේ නෝත්හැම්ටන්හිදී පැවැති එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment