විශ්වාසභංගය පොඩි එකාගේ ලියවිල්ලක්

122

එරික් ගාමිණි ජිනපි‍්‍රය

 සමගි ජනබල පක්‍ෂය විසින් තමන්ට එරෙහිව සකස්කර ඇති විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් චෝදනා පදනම් විරහිත යැයි ද එනිසා එය පොඩි එකාගේ ලියවිල්ලක් වගේ යැයි ද බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

 ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (17 දා* එම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

 සමගි ජනබල පක්‍ෂය සකස්කර ඇති විශ්වාස භංග යෝජනාවෙන් බලශක්ති ඇමැතිවරයා ලෙස මා හට ඉදිරිපත් කර ඇති චෝදනා දහයෙන් කිසිදු චෝදනාවක් මට අදාළ නැහැ. එනිසා මා කළ වරදක් එහි සඳහන්ව නැහැ.

 තෙල් මිල වැඩි කිරීම විෂය භාර ඇමැතිවරයාට කරන්න බැහැ. එය මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මත සිදුකරන්නක්.

 මම බලශක්ති ඇමැතිවරයා ලෙස පත්වූයේ 2020 අගෝස්තු මාසයේ බැවින් 2020 ජනවාරි මාසයේ සිද්ධීන්වලට මට වගකීමක් නැහැ.

 ආණ්ඩුව විපක්‍ෂයේ න්‍යායපත‍්‍රයට අනුව නටන්නේ නැහැ. තෙල් සමාගම්වලට අනුව නැටවෙන අය අපේ ආණ්ඩුවේ ඉන්නවා නම් ඒ අය හෙළිකර ගැනීමට ලැබීම වාසනාවක්.

 විපක්‍ෂය විශ්වාස භංග යෝජනාවක් ලෙස විශ්වාසය පළකිරීමේ යෝජනාවක් මා වෙත ඉදිරිපත් කර ඇති බවත් පෙනෙනවා. ඒ ගැන විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට මගේ ස්තුතිය පළකර සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment