විශ්වාසභංගය සාර්ථක වුණොත් වහාම දෝෂාභියෝගයක්

563

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකි වුවහොත් වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ද ගෙන ඒමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටී.

ඒ අනුව ප‍්‍රථමයෙන් ආණ්ඩුවට එරෙහිව මන්තී‍්‍ර අත්සන් ලේඛනයක් ලබා ගනිමින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරීමේ කටයුත්ත ප‍්‍රමුඛව කිරීම පසුගිය සිකුරාදා (08දා) විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පළමු අත්සනින් ආරම්භ කෙරිණි.

එදින පාර්ලිමේන්තු කටයුතු ඇරැඹීමට පෙර සජබ කණ්ඩායම් රැස්වීමේදී මීට අදාළ යෝජනාව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සිදු කරනු ලැබූ අතර හරින් ප‍්‍රනාන්දු මහතා එහෙනම් අපි අදම වැටේ පටන් ගමු යැයි කියමින් ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇත.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව අඩු මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රමාණයකින් අත්සන් කර ඉදිරිපත් කර නැති බැවින් ඊට ප‍්‍රමුඛතාවය දී එය සාර්ථක කර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට එහිදී තීරණය වී තිබේ.

මේ සඳහා දැනට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ගෙන් ද අත්සන් ලබා ගැනෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්‍ෂයන්හි මන්තී‍්‍රවරුන්ගේ සහාය ලබා ගන්නා බවද සජබ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment