විශ්වාසභංග විවාදයට පෙර පාර්ලිමේන්තු පිවිසුමේදී සජබ විරෝධතාවේ

122

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ සමගි ජනබලවේගය විසින් ඊයේ (19දා) පෙරවරුවේ විවිධ සටන් පාඨ සහ බැනර් ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත විය.

තෙල් මිල ඉහළ දැමූ ගම්මන්පිල නෙරපමු, සහන කපපු, රට වනසන ජන පීඩක ආණ්ඩුව එළවමු යන වැකි සඳහන් බැනර් ප‍්‍රදර්ශනය කරමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ එම පක්‍ෂ කි‍්‍රයාකාරීන්ද විසින් පවත්වනු ලැබූ එම විරෝධතා උද්ඝෝෂණය පසුව පාර්ලිමේන්තුව දක්වා පාගමනක් බවටද පත්විය.

උද්ඝෝෂණයේ නිරතවූ සියලූදෙනා ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පාර්ලිමේන්තුව දක්වා පාගමනේ නිරතවූයේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයද අවහිර කරමිනි.

එලෙස පාගමනින් පැමිණි විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු පිවිසුමට පැමිණ බිම ඉඳගනිමින් ආණ්ඩුවට එරෙහිව සටන්පාඨ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා-

ජනතා පීඩක ආණ්ඩුව පරාජයට පත්කිරීමේ වැඩපිළිවෙළේදී මේ ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස සමගි ජන බලවේගයේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා.

පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. නමුත් මේ විශ්වාසභංග විවාදයේදී අපිට බලාගන්න පිළිවන් දේශපේ‍්‍රමියා කවුද දේශද්‍රෝහියා කවුද කියලා. ජනතාව පීඩාවට පත්කරන, රට විනාශ කරන, පරිසරය විනාශ කරන, සෞඛ්‍යාරක්‍ෂාවක් නැතුව ජනතාව වනසන, මුළු රටම අනාථ කරන මේ ආණ්ඩුව ජනබලයෙන් එළවා දැමීමේ අරගලයකයි අපි නිරත වෙන්නේ.

මේ දුර්දාන්ත තෙල් මිල ඉහළ දැමූ ආණ්ඩුව පරදවන්න සහ තෙල් මිල වැඩිකරපු ගම්මන්පිල ඇමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් පරාජය කරන්න එක්වෙන්න කියලා මම ඉල්ලනවා.

– අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment