විශාරද දර්ශනී චන්ද්‍රසේන කොළොම්තොට අභිනන්දන සම්මානයෙන් පිදුම් ලබයි

99

කොළඹ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලැබූ කොළඹ දිස්ති‍්‍රක් ‘‘සාහිත්‍ය කලා මහෝත්සවය’’

පසුගියදා කොළඹ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

රත්මලාන ප‍්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ නිර්දේශයෙන් ලලිත කලාවේදී සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මියට ‘‘කොළොම්තොට අභිනන්දන’’ සම්මානය ප‍්‍රදානය කරන ලදී. දිවංගත ප‍්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ දියණිය මෙන්ම දිවංගත ප‍්‍රවීණ ගායක ඩබ්. ඞී. ආරියසිංහයන්ගේ බිරිඳ වන දර්ශනී චන්ද්‍රසේන මේ වනවිට ආර්. ඒ. චන්ද්‍රසේන අනුස්මරණ කලායතනය හරහා ශී‍්‍ර ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයට විශාල සංගීතඥයන් පිරිසක් දායාද කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment