විශේෂඥ වෛද්‍යවරුන් 249 ක් එකම දින විශ්‍රාම ගැන්වීමෙන් රෝහල් අර්බුදයක

207

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවෙන් 45% ක අඩුවක් පවතින මොහොතක විශේෂ වෛද්‍යවරුන් 249 ක් එකම දින විශ්‍රාම ගැන්වීම නිසා මෙරට රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට පත්වනු ඇතැයි, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙලෙස විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් පශ්චාත් වෛද්‍ය පුහුණුවටද බලපෑම් එල්ල විය හැකි බව, පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇතැයිද ඒ මහතා පැවැසීය.

මෙලෙස විශ්‍රාම ලබන විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුවට 2023 වසරේ විදේශීය පුහුණුව නිමකර මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන 299 කගේ සේවය ලබාගැනීමටද ගැටලු මතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment