විශේෂඥ වෛද්‍ය පුහුණුවත් ඩොලර් අර්බුදය නිසා නවතී

269


රට මුහුණ පා ඇති උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාසික දීමනාවක් ගෙවීමේ පදනම යටතේ විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා මෙරට වෛද්‍යවරුන් විදේශීය රටවලට යැවීම තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
දැනටමත් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍ර ලවීසා ඇතුළු පහසුකම් සුදානම් කරගෙන සිටින වෛද්‍යවරුන් ඔවුන්ගේ වියදම් ඔවුන් විසින්ම දරා ගැනීමේ පදනම මත එම කාර්යය සඳහා මුදා හරින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment