විශේෂ අවශ්‍යතා ඇති දැරියකගෙන් සුවිශේෂී වාර්තාවක්

391

මුම්බායිහි වාසය කරන ජියාරායි නම් විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 13 ක දැරියක් සුවිශේෂී වාර්තාවක් තැබීමට සමත්ව තිබේ.

ඇගේ වාර්තාව වන්නේ පැය 13යි විනාඩි 10ක් ඇතුළත තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා මුහුදෙන් පිහිනා යෑමයි.

ඉරිදා උදෑසන 4.22ට පිහිනීම ආරම්භ කළ ඇය, දනුෂ්කොඩි අරිච්චල් වෙරළට සවස 5.32 වන විට ළඟා වී තිබේ.

ඒ අනුව ඇය පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් ඉන්දු – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සාගර පිහිනුම් චාරිකාව සාර්ථකව නිම කළ බව ශ‍්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සුබ පැතුම් පණිවිඩයක් තබමින් සඳහන් කර සිටියි.

ජියා රායි ඔටිසම් රෝගයෙන් පෙලෙන බව සඳහන් වේ. දැරියගේ පියා ඉන්දීය නාවික හමුදාවේ සාමාජිකයෙකු වන මදන් රායි නමැත්තෙකි.

තලෙයිමන්නාරම සිට දනුෂ්කොඩි අරිච්චල් දක්වා කිලෝමීටර 29 ක දුරක් පවතී. තමිල්නාඩු පොලිස් අධ්‍යක්ෂ ජනරාල් සී. සයිලේන්ද්‍ර බාබු සහ විශාල පිරිසක් ධනුෂ්කොඩිහිදී මෙම පිහිනුම් ක‍්‍රීඩිකාව පිළිගෙන ඇත.

මීට පෙර ජියා, බන්ද්‍රා හි වර්ලි මුහුදු තීරයේ සිට ගේට්වේ ඔෆ් ඉන්දියා දක්වා පැය 8 යි මිනිත්තු 40 කින් පිහිනමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment