විශේෂ කාර්ය බළකායට ප‍්‍රථම වරට ASP කතක්

468

පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප‍්‍රථම වරට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් වී තිබේ.

මීට අමතරව ඇය සමඟ එම බළකායේ තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුට ද උසස්වීම් ලබා දී ඇත.

මෙලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පත් වී ඇත්තේ එන්. ටී. එන්. කුමාරි නමැති නිලධාරිනියයි.

ඇය ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට මෙලෙස සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් වූ අනෙක් නිලධාරීන් වන්නේ ඞී. එස්. කුලසේකර, ඩබ්. ඒ. පී. සම්පත් කුමාර, අයි. එස්. ටී. පෙරේරා, ඩබ්. ඞී. එස්. ද සිල්වා, කේ. ජී. ජී. ජී. නිශාන්ත, ඊ. ඒ. එම්. දයාරත්න, කේ. ඞී. ජී. සී. ගුණරත්න, කේ. පී. ඊ. පී. කුලරත්න යන අයයි.

මේ අතර විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිටි නිලධාරීන් 52 දෙනෙකුගෙන් හා නිලධාරිනියන් දෙදෙනෙකුගෙන් මෙම තෝරාගැනීම් සිදුකර ඇති අතර ඒ අතරින් සියලූ දක්‍ෂතා දක්වා තිබූ නිලධාරීන් 8 දෙනෙකුට හා නිලධාරිනියකට මෙලෙස උසස්වීම් ලබා දී ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment