විශේෂ දළදා ප්‍රදර්ශනයකට ජනපතිගෙන් ඉල්ලීමක්

306

වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊට අදාළ විශේෂ ලිපිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට සහ දළදා මාළිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ඊයේ* පස්වරුවේ භාරදුන් බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරිමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment