විශ‍්‍රාම යන කී‍්‍රඩකයන්ට නව නීති 3ක්

383

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර විශ‍්‍රාම ගන්නා කී‍්‍රඩකයන් මින් ඉදිරියට අනුගමනය කළ යුතු නීති මාලාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඉදිරිපත් කර තිබේ. පසුගියදා රැුස් වූ කි‍්‍රකට් විධායක කමිටුව විසින් මෙම නව නීති මාලාව හඳුන්වා දී තිබේ.

එ් අනුව කී‍්‍රඩකයකු විශ‍්‍රාම ගන්නේ නම් ඔහු මාස 3කට පෙර එ් සම්බන්ධයෙන් ක‍්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු වේ. තවද එලෙස විශ‍්‍රාම ගන්නා කී‍්‍රඩකයන් හට විදෙස් ලීග් කි‍්‍රකට් තරගාවලි සඳහා කී‍්‍රඩා කළ හැක්කේ සිය විශ‍්‍රාම ගැනීමෙන් මාස 6කට පසුය.

එමෙන්ම මින් ඉදිරියේදී විශ‍්‍රාම ගිය කී‍්‍රඩකයන් හට දේශීය ලීග් තරගාවලි සඳහා කී‍්‍රඩා කිරීමට

අවස්ථාව හිමිවන්නේ එම කී‍්‍රඩකයන් අදාළ ලීග් තරගාවලියට පෙර පැවැත්වෙන දේශීය තරගවාරයේදී සියයට 80ක ප‍්‍රමාණයක් එම දේශීය තරග කී‍්‍රඩා කර ඇත්නම් පමණි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment