විෂන් කෙයා කුරුණෑගල ශාඛාව වැඩිදියුණු කරමින් අක්ෂි සහ උගුර, කන, නාසය රෝග විනිශ්චය ඒකකයක් විවෘත කරයි

201

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙන් අති නවීන පහසුකම් සමඟ අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් කුරුණෑගල ශාඛාවට එක් කරන ලදී.

මෙම නවතම ඒකකය කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, අක්ෂි ශල්‍ය වෛද්‍ය අනෝමා ජයතිලක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් නාරංගොඩ, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදෙන, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාදවික දයාරත්න, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.

කුරුණෑගල, උඩුවල්පොල පාර, අංක: 22/2, Aselro ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි විෂන් කෙයා කුරුණෑගල ශාඛාව විසි වසරකට අධික කාලයක් පුරාවට කුරුණෑගල නගරයේත් ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහාත් ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවාවන් ලබා දෙන ලදී- මෙම නව අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකය හරහා රෝගීන්ට අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සේවාවන්, ධක්‍ඔ, දෘෂ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ (Visual Field Test), Fundus Photography සහ Vision Therapy ඇතුළු පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත පරීක්ෂණ සේවාවන් රැසක් ලබා ගැනීමට හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment