විෂමාචාරවලට යෙදවූවැයි කියන බාලවයස්කාරිය ළමා නිවාසයක තබන්නැයි අධිකරණයෙන් නියෝග

95

පියා හැරගොස් මව ස්පා රැකියාවේ යෙදෙන හෙයින් නිවසේ අනාරක්ෂිතව සිටි 12 හැවිරිදි බාල වයස්කාර දැරියක්ව මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඉකුත් 24 වෙනිදා නියම කළාය.

මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියක් මෙසේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙසට නියම කෙරුණි.

මව ස්පා රැකියාවේ යෙදෙන අතරම ඇය සීදුව ප්‍රදේශයෙන් කාමරයක් කුලියට ගෙන අනියම් පුරුෂයෙකු සමග ජීවත් වන බව අධිකරණය හමුවේ දී සඳහන් විය. මව මෙම බාලවයස්කාර දැරියව පාසල් නොයවා විෂමාචාර ක්‍රියාවන් සඳහා නිවසින් රැගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත දැරියව පොලිස් භාරයට ගෙන තිබේ. අධිකරණ නියෝග මත එම බාලවයස්කාර දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉකුත් 24 වෙනිදා දහවල් ඉදිරිපත් කිරීමට මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංඅඅශයේ ස්ථානාධිපතිනි උ.පො.ප. එම්. කේ. රමණී යන නිලධාරිනිය කටයුතු කර තිබූ බවටද අධිකරණයේදී සඳහන් විය.

දැරියගේ සිරුරේ තැලීම් හෝ සීරිම් තුවාල නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවට අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය.

මිනුවන්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත උ.පො.ප. එම්. කේ. රමණී, කා.පො.කො. සඳමාලි (12803) නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව අධිකරණයේදී සඳහන් විය. දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පරිවාස නිලධාරිට වැඩිදුරටත් අධිකරණයෙන් නියම කෙරුණි.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment