විෂ නාගයකු නිසා ගුවන් යානයක් හදිසියේ ගොඩබිමට

903

උග්‍ර වීෂ සහිත නාගයකු නියමු කුටියේ ප්‍රධාන ගුවන් නියමුවාගේ ආසනය යට ලැගුම් ගෙන සිටියදී සොයා ගැනීම හේතුවෙන් අඩි 11,000ක් උඩින් පියාසර කරමින් තිබූ දකුණු අප්‍රිකානු පුද්ගලික මගී ගුවන් යානයක් හදිසියේම අතරමග ගුවන් තොටුපළකට ගොඩ බැස්සවීමට ගුවන් නියමුවා විසින් පියවර ගෙන තිබේ. ‘කේප් කෝබ්‍රා’ යනුවෙන් හැඳින්වෙන ගුවන් යානයේ සිටි නාග වර්ගය දෂ්ඨ කළ විට පුද්ගලයකු විනාඩි 30ක් වැනි කාලයකදී මරණයට පත් වන බව අනාවරණය වී තිබේ.

මගීන් සිවු දෙනකු රැගෙන දකුණු අප්‍රිකාවේ බ්ලුෆොන්ටෙන් නගරයේ ප්‍රිටෝරියා නගරය දක්වා පියාසර කරමින් තිබු “බීච්ක්‍රාෆ් බාරොන් 58” නමැති මගී ගුවන් යානය ගමන් ඇරඹීමෙන් පසු එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ රුඩොල්ෆ් එරස්මුස් හට සිය අසුනේ යට කොටසෙන් සීතල යමක් ස්පර්ශ වනු දැනී ඇති අතර ඒ ගැන සොයා බැලීමේදී අඩි පහක් දිගැති නාගයකු නියමු ආසනය යට ලැගුම් ගෙන සිටිනු දැක තිබේ. ‘වෙල්කොම්’ නගරයේ ගුවන්තොටුපළට යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට ගුවන් නියමුවන් විසින් පියවර ගෙන තිබේ. යානය ගොඩ බැස්වීමෙන් පසු මගීන් ආරක්ෂිතව ඉවත් කර නාගයාද යානයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment