විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මර්දනයට ජනාධිපති කාර්ය සාධක බළකායක්

82

විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මුළුමනින්ම පරම්පරාවක් හා රටක් විනාශ කිරීමට තරම් ප්‍රබල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හමුවේ මේ වනවිට මෙවර තරුණ තරුණියන් ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් මතට ඇබ්බැහි වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

එම තත්ත්වය තුළ පවතින ආර්ථික අර්බුදයටත් වඩා අද රටේ ගැඹුරුම ගැටලුව බවට මත්ද්‍රව්‍ය උවදුර පත්ව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

කිලෝ ග්‍රෑම් සිය ගණනින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා පැරසිටමෝල් කුඩු හෝ පිටි වර්ග බවට පත්කර සැබෑ මත්ද්‍රව්‍ය යළි සූක්‍ෂම ලෙස සමාජගත කිරීමේ ජාවාරමක් අද රට තුළ ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලින් ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් පමණක් නඩු භාණ්ඩ ලෙස තබාගෙන ඉතිරි තොග විනිසුරුවරුන්ගේ නියෝග අනුව වහා විනාශ කර දැමීමට තීරණය කෙරුණු බවද ඇමැතිවරයා පැවසීය.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තමාත් නීතිය හා සාමය ඇමැති ටිරාන් අලස් මහතාත් මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවු බව සඳහන් කළ ඒ මහතා මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කළ බවද පැවසීය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment