විසඳුමක් නොදුන්නොත් පවුල් පිටින් පාරට බහිනවා – කන්න දෙන්නේ නැතිව දරු පැටවු හාමතේ

234

වැලිගම ධීවරයෝ කියති

භූමිතෙල් මිල වැඩිවීම හේතුවෙන් වැලිගම අවට ධීවර ජනතාව දැරිය නොහැකි අපහසුතාවලට පත් වී ඇත. මෙලෙස අපහසුතාවලට පත්වූ ධීවර පවුල් දෙදහසකට අධික බවයි ඔවුන් පවසන්නේ. වැලිගම, පැලෑන බද්දෙවත්ත තොටුපොළ, කප්පරතොට රේන්දපොල, පරනකඩේ, කළුකන්ද තොටුපොළ යන ස්ථානවලින් භූමිතෙල් භාවිතා කරමින් රැකියාව සඳහා පිටත් වන ඔරු බෝට්ටුවල ගමන් කරන ධීවර ජනතාව කියා සිටින්නේ අසීමිත ලෙස මිල වැඩි කිරීම ඔවුන්ට දැරිය නොහැකි බවයි. කෙසේ වුවද ඔවුන් පවසන්නේ මෙම ගැටලු සහගත තත්ත්වය තේරුම් ගෙන රජය ක්‍රියා නොකළහොත් ඔවුන්ගේ පවුල් පිටින් පාරට බහින බවයි.

විසඳුමක් නොදුන්නොත් පවුල් පිටින් පාරට බහිනවා - කන්න දෙන්නේ නැතිව දරු පැටවු හාමතේ


ඔවුන් වැඩිවූ භූමිතෙල් මිල පිළිබඳව අදහස් පළකළ අයුරු.

එම්.එන්. දයාපාල

මහත්තයෝ අපිට දැන් මූදට නෙවෙයි මහපාරට බහින්න වෙලා තියෙන්නෙ. මට දරුවො පස්දෙනෙක් ඉන්නව උන්ට කන්න දෙන්නෙ කොහොමද? ළමයින්ට අධ්‍යාපනේ දීගන්න විදියක් නැහැ. මේ රට පාලනය කරන උන්ට කියන්න අපිට සාධාරණ මිලකට තෙල් ටික දෙන්න කියල. මෙච්චර දවසක් තෙල් නැතුව මාස දෙකක් දුක් වින්ද. දරු පැටවු හ`ිගමනට පත් වෙලා. උන් තෙල් වලට කෙලිනව.

පැලෑන ධීවර තොටුපොළේ සිට රැකියාව සඳහා යන කසුන් මහතා.

මේ ඔරුවක් දවසෙ රස්සාවෙ යන්න අපි දොළොස් දෙනෙක් විතර ඉන්නව. ඒක ගිහිල්ල එන්න භූමි තෙල් ලීටර් එකසිය හතලිහක් විතර යනව. දැන් තෙල් වලට විතරක් රුපියල් පනස් දහසක් විතර යනව. ඉස්සර ගියේ රුපියල් දොළොස් දාහක් විතර. කෑමට එක්ක තවත් රුපියල් පහලොස් දාහක් විතර එකතු වෙනව. එතකොට එක ගමනකට යන්න රුපියල් හැට පන්දාහක් විතර යනව. ඒගොල්ලන් කිවුව අපිට සහන දෙනව තෙල් දෙනව කියල. ඒත් තාමත් තෙල් ලීටරයක්වත් හම්බ වුනේ නැහැ. අපි කලින් ගත්ත තෙල් ටිකෙන් තමයි පහුගිය දවස්වල රස්සාවෙ

ගියේ . දැන් මේ තෙල් මිල නිසා ඉස්සරහට මාළු කෑල්ලක්වත් මිනිස්සුන්ට කන්න හම්බ වෙන්නෙ නැහැ. ඔරුවෙ දොළහක් විතර රස්සාවෙ යනව. ඒ කට්ටියට බෙදිල අයිතිකාරයටත් බෙදිල යනකොට කිසිම ලාභයක් නැහැ . අපිට නම් කිසිම ලාභයක් නැහැ.

කප්පරතොට ධීවරයෙක් මෙසේ අදහස් පළකළා.

පුදුම වැඩක් වෙල තියෙන්නෙ. ලොක්කෝ පුටුවල වාඩි වෙලා මිල ගණන් උස්සනව. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි මහත්තයෝ මුලු ධීවර ජනතාවම පාරට බහින එක වැඩි ඈතක නැහැ. අපි කබලෙන් ලිපට වැටිල ඒකෙනුත් පහලට වැටිල තියෙන්නෙ. අපි කොහොමද ජීවත් වෙන්නෙ. අපේ දරුවො කොහොමද ජීවත් වෙන්නෙ.

මාතර අතිරේක ලලිත් පද්මසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment